අත්අඩංගුවට පත් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

ඇබිලිපිටිය පනාමුර පොලිස් ස්ථානය තුළ පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පනාමුරේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ තමන්ට සහ දියණියන් දෙදෙනාට පහරදෙන බවට බිරිඳක් විසින් කළ පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයෙකු ය.
ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ බීමතින් සිට ඇති අතර අද අලුයම මෙම පුද්ගලයා සිරමැදිරිය තුළ ම සිය දිවි නසාගෙන තිබෙනවා.
කෙසේ නමුත් ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වේ.
864 Views
Comments