සිව්දරු පියෙකු වූ මවගේ අනියම් සැමියා පුතාගෙන් පහර කා රෝහලේදී මරුට

ආණමඩුව කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ සිව්දරු පියෙකු පොලූ මුගුරුවන් පහරදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසද්‍ව මිය ගොස් ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ කිවුල අබේසිංහ හේරත් මුදියන්සේලාගේ රන්බණ්ඩා නමැති 64 හැවිරිදි සිව්දරු පියෙකි.
කිවුල කොට්ටුකච්චිය ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක් සමඟ කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් පිළිබඳව කාන්තාවගේ පුත්‍රයා දැන ගැනීමෙන් අනතුරුව කෝපයට පත් ඔහු අතින් පයින් හා පොලූ මුගුරුවලින් මිය ගිය පුද්ගලයාට පහරදී තිබේ.
පහරකෑමට ලක්ව වූ ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් පසුවූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 වන දින දහවල් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ 60 හැවිරිදි කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙන්නේ තම මව සමඟ මෙම සැකකරු ඇද මත එකට අඹු සැමියන් ලෙස සිටිනු දැකීමෙන් කෝපයට පත්ව බැන වැදුණ බවත් එහිදී මරණකරු සමඟ ඇතිවු බහින්බස් වීමෙන් අනතුරුවව පොල්ලකින් පහර දුන් බවත්ය.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
769 Views
Comments