NOV
03
කාබනිකව වගා කලොත් වී කිලෝවකට රුපියල් 100ක්

කාබනික වගා කරන වී ගොවීන්ගේ අස්වැන්න කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට රජය සූදානම් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.
මේ වන විට දිවයින පුරා ගොවීන් නිසි වෙලාවට පොහොර ලැබේ යැයි අපේක්ෂාවෙන් ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇති නමුත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම ගොවි විරෝධතා ආරම්භ වී තිබෙනවා.
මෙම පොහොර ගැටළුව සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන කීපයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සමග සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.
631 Views
Comments