ඩොලර් හිගය වැඩි වුනොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් : ඇමති විමල් විරවංශ

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බවත්ය.
රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ලෙසම පිළිගන්නවා නම් අපට රටක් ලෙස දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැති බවයි විමල් විරවංශ අමාතිවරයා අවධාරණය කර සිටින්නේ.
රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි.
අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා. එහෙම අභියෝගයට ලක් වන විට උත්තර දෙකක් තිබෙනවා.
එකක් තමයි ‘ඉන්න අයට බනිමින් ඉන්න එක’ නැතිනම් ‘ඊට වඩා හපන් කට්ටියක් ගෙනෙන්න බලන එක’. දෙවන උත්තරය තමයි ‘මේ අභියෝගයෙන් එළියට ඒම සඳහා අපට හැකි සෑම ආකාරයකින්ම කැපකිරීමක් කරලා ඊට දායක වීම’. මම හිතන්නේ ඔබ අපි සැමට තිබෙන්නේ ඒ දෙවැනි මාර්ගය.
889 Views
Comments