කෙසෙල්වත්තෙන් අතුරුදන් කියූ දැරියන් තිදෙනා ඇත්තටම කොහෙද ගියේ?

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියදී අභිරහස් ලෙස අතුරුදන්ව දින එකාමාරකට පසු නැවත ඊයේ (9) රාත්‍රීයේ නිවසට පැමිණි දැරියන් තිදෙනා ගමන් ගත් මාර්ගයන් හෙළිව තිබෙනවා.
ඔවුන් තිදෙනා මෙලෙස නිවසින් හොර රහසේ පලා ගොස් ඇත්තේ අනුරාධපුරයේ විනෝදයේ විනෝද චාරිකාවක් යාමට බවයි හෙළිව ඇත්තේ.
ඔවුන් පිටකොටුවට පැමිණ අනුරාධපුර බස් රථයක නැගී අනුරාධපුරයට ගොස් තිබෙනවා.
ඒ පෙරේදා දිනය.
කෙසේ නමුත් ඔවුන් තිදෙනා අනුරාධපුර නගරයෙන් බැස අනුරාධපුරයේ ස්ථාන කිහිපයක ඇවිද නැවත කොළඹ පැමිණ තිබෙනවා.
ඊයේ අලුයම කොළඹට ආ ඔවුන් විහාරමහදේවි උද්‍යානය ගිමන් හැර නැවත නුවර බලා පිටත්ව ගොස් ඇතැයි සදහන් වන්නේ.ඒ පේරාදෙණිය මල් වත්ත බැලීම සදහාය.
අධික වර්ෂාව නිසා ඔවුන්ට එම මල් වත්ත බැලීමට නොහැකි වූ බවයි ඔවුන් පොලිසියට පවසා ඇත්තේ.
පහළොස් හැවිරිදි සහ දහතුන්වන හැවිරිදි අක්කා නගෝ සහ ඔවුන්ගේ ඥාතී මිතුරියක් වන දහතුන් හැවිරිදි තවත් දැරියක් මෙලෙස අතුරුදහන්ව තිබුණා.
මෙම ඥාති මිතුරිය ගම්පොළ ප්‍රදේශයේ සිට මීට දින කිහිපයකට ඉහතදී කෙසෙල්වත්ත පිහිටි මෙම දැරියන්ගේ නිවසට පැමිණ තිබෙනවා.
එසේම මෙම අක්කා නගෝ දෙදෙනා විසින් ඔවුන්ගේ මවගේ ස්මාර්ට් ජංගම දුරකථනයද හොරා ගෙන ගොස් තිබුණා.
1211 Views
Comments