ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සහ තනතුරු සංශෝධනය කෙරේ

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික ලයිස්තුව සංශෝධනය කර තිබෙනවා.
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් තවමත් එහි සභාපතිත්වය දරන අතර නව සංශෝධනය හරහා නවක සාමාජිකයන් ලෙස මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල, එන්ජින් සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය බණ්ඩාර මාරඹේ, එරන්ද කුමාර නවරත්න, පාහි වැවල, මවුලවි Z. A. S. මොහොමඩ්, කලීල් රහුමාන්, අබ්දුල් අසීස් මොහොමඩ් යන අය පත් කර තිබෙනවා.
මීට පෙර මෙම කාර්ය සාධක බලකායේ බලකායේ සාමාජිකත්වය දැරු මහාචාර්ය දයාරත්න බණ්ඩා, කථිකාචාර්ය මොහොමඩ ඉන්තිකාබි යන අය එම තනතුරුවලින් ඉවත් වීමත් සමග පුරප්පාඩු වුණු සාමාජිකත්ව සඳහා රාමලිංගම් චක්‍රවර්ති, යෝගේෂ්වරී පත්තුගුණරාජා සහ අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා යන අය පත් කර තිබෙනවා.
එම නව සංශෝධිත බලතල ලෙස මෙරට තුළ ' එක රටක් - එක නීතියක්' යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළත් කොට, නව බලතල සංශෝධනය කර ඇති බවයි ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
1763 Views
Comments