වැටලීමකට ගිය නිළධාරීන් පහන්තුඩාවේදී අතරමං වේ

නුවරඑලිය-මහඑළිය රක්ෂිතයේ වැටලීමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල අතරමං වී ඇත.
හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරි සුජිත් අජන්ත මහතා පැවසුවේ කෙසේ වෙතත් මෙලෙස අතරමංව සිටි අඩවි ආරක්ෂක නිලධාරින් පිරිස අද (17) උදෑසන නිරුපද්‍රිතව සොයාගෙන ඇති බවයි.
ඊයේ (16) උදෑසන අනවසරයෙන් මැණික් ගැරීම සිදුකරන ස්ථානයක් වැටලිම සඳහා නුවරඑලිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් 15 දෙනෙකු සහ හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් 06 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මාර්ග දෙකක් ඔස්සේ රක්ෂිතයට ඇතුළු වී ඇත.
එහිදී හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ වත්ත ප්ර්දේශයෙන් (16) දින උදැසන රක්ෂිතය තුලට ඇතුල් වී ඇති අතර, අනෙකුත් නිලධාරීන් පිරිස බලංගොඩ, බෙලිහුල්ඔය පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතය තුලට ඇතුල් වී ඇත.
ඒ අනුව මෙලෙස පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතය තුලට ඇතුල් වූ පිරිසට (16) දින පස්වරුවේ රක්ෂිතයතුලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දුරකථන සංඥා අහිමි වී ඇත.
එහිදී ඇතිවූ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ඔවුන්ට සිදුව ඇත්තේ එදින රාත්‍රිය රක්ෂිතය තුළ ගතකිරීමටයි.
කෙසේ වෙතත් අතරමං වු නිලධාරින් පිරිස සොයා ගැනිම සදහා යුධ හමුදාවෙන් උපදෙස් ලැබුණු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා අප වෙත ප්‍රකාශ කළා.
පසුව අද (17) උදෑසන 9ට පමණ මෙලෙස අතරමං වූ නිලධාරීන් පිරිසට බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ ප්‍රදේශයෙන් රක්ෂිතයෙන් පිටතට පැමිණීමට හැකිවී ඇත.
කෙසේ වෙතත් ඔවුන් මෙම වැටලිමේදි කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකිවී ඇත.
909 Views
Comments