ලක්ෂ 15ක මංකොල්ලය තේ කෝප්පයෙන් මාට්ටු

රුපියල් ලක්ෂ 15 ක් වාරියපොල ප්‍රදේශයේ නිවසකින් කොල්ල කා යමින් සිටි කොල්ලකරුවෙක් ඔවුන් ගමන් කරමින් තිබූ වෑන් රථය සහ මුදල් සමඟ දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යුද හමුදාවෙන් ඉවත්වූ බව කියන තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
වෙළඳසැලකට ගොස් කෙටි ආහාරයක් ගෙන තේ පානය කොට රුපියල් 200ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙළඳසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල වෙළඳසැල් හිමියාට තබා ගන්නැයි කියා පිටවූ පුද්ගලයෙකු ගැන දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක ඊ .ජී .ආර්. ඇල්ලෙපොළ මහතාට සැක සිතී ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.
ප්‍රශ්න කිරීම් වලින් පසුව මෝටර් රථය පිළිබඳව ඇතිවූ සැකය මත වාහනය පරීක්ෂා කිරීමේ දී වාහනය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් සොයාගත් පොලිසිය පවසයි.
සැකකරු ප්‍රශ්න කිරීමේදී කියා තිබෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ කුලී පදනම මත මෝටර් රථය හා රියදුරු ලබාගත් බවයි.
මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් උපයා ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේදී විවිධ උත්තර ලබා දීමත් සමඟ මෝටර් රථය රියදුරු සහ මෙම පුද්ගලයා දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කර තිබේ.
මෙම පිරිස ප්‍රශ්න කරමින් සිටියදී වාරියපොල පොලිසියෙන් හදිසි ෆැක්ස් පණිවිඩයකින් කියා ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා දඹුල්ල දෙසට මෝටර් රථයකින් අයෙකු පලා යන පලා යන බැවින් අවධානය යොමු කරන ලෙසයි.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සියලු තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවී තිබේ.
920 Views
Comments