NOV
17
ඉන්දියාවේදී මිය ගියේ අංගොඩ ලොක්කාම බව තහවුරු වේ

මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ දී මිය ගොස් ඇත්තේ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා යන පුද්ගලයාම බව තහවුරු වී තිබෙනවා.
ඔහුගේ සිරුරෙන් ලබාගත් DNA සහ මවගෙන් සහ සහෝදරීගෙන් ලබා ගත් DNA සාම්පල ගැළපී තිබෙනවා.
ඉන්දීය ආරක්ෂක අංශ කළ ඉල්ලීමකට අනුව මවගේ සහ සහෝදරියගේ සාම්පල ඒ රටට යවා ඇති අතර එම සාම්පල සමාන වන බව ඉන්දීය මාධ්‍ය නිවේදනය කරා.
836 Views
Comments