රන්ජන් රාමනායකටත් කොවිඩ් ආසාදනය වෙයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබේ.
ඔහු මේවන විට සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි.
කෙසේ වුවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකටද පැමිණ සිටි අතර එහිදී එම අවස්ථාවට පැමිණි දේශපාලනඥයන් කිහිප දෙනෙකුද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවිය.
කොවිඩ් ආසාදනයවූ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේවන විට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව වාර්තාවේ.
769 Views
Comments