කාබනික පොහොර ලෙස බොරළු අඹරා විකිණීමේ ජාවාරමක්

ගිරිබාව හා සියඹලාණ්ඩුව ප්‍රදේශවාසීන් කියා සිටියේ කලක් තිස්සේ කාබනික පොහොර යැයි කියමින් බොරළු අඹරා වෙළෙඳපොළට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.
ඔවුන් පවසන්නේ මෑතකදී කාබනික පොහොර සදහා ඉල්ලුම වැඩි වූ බැවින් පොහොරවල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමේදී මෙය අනාවරණය වූ බවයි.
ගම්වාසීන් චෝදනා කරන්නේ කාබනික පොහොර නිෂ්පාදනයේදී සාමාන්‍යයෙන් මාස තුනක්වත් පදම් විය යුතු අතර නමුත් දැන් පැයෙන් දෙකෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන බවත්ය.
මෙම තත්වය පාලනයට වහාම මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටියි
901 Views
Comments