කෝටි එකහමාරක කුඩු සල්ලි කොට්ටාවේ ගෙවත්තකින් ගොඩගනි

මත්කුඩු ජාවාරමෙන් ඉපයූ රුපියල් කෝටි 1 1/2 ක් කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වල දමා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.
එම මුදල් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් නොහොත් ”රන් මල්ලි” නැමැත්තාගේ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් “රන්මල්ලි” නැමත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගෙනඇති අතර ඔහු කොට්ටාවේ නිවස කුලියට ලබාගෙන එහි සිට මෙම මත්ද්‍රව්‍ය මුදල් කළමනාකරණය කර ඇති බවද පොලිසිය පවසයි.
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාල නිවස වටලා පරීක්ෂා කිරීමේදී එහි ඉඩමේ ස්ථානයක වල දමා තිබියදී මෙම මුදල් තොගය සොයාගෙන තිබුණි.
රන් මල්ලි යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බෝට්ටු මඟින් ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු එවන දකුණේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නැමැත්තා සමඟ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර ඔවුන් දෙදෙනාම එක්වී මෙරටට මත්කුඩු එවන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
854 Views
Comments