මව, පියා හා නැගෙණිය එක්ව කළ සාහසික ඝාතනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

මව, පියා හා නැගෙණිය එක්ව කළ සාහසික ඝාතනය

මව, පියා හා නැගෙණිය එක්ව කළ සාහසික ඝාතනය

28 හැවිරිදි සිය පුතුට පහරදී ඝාතනය කළ එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

එසේ අත්අඩංගුවට පත්වූයේ ඝාතනයට ලක්වූ හසලක 7 ඇළ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුනිල් නිශ්ශංක නැමැති තරුණයාගේ මව, පියා, නැගෙනිය හා ඇගේ සැමියායි.

 

 අවාසනාවන්ත ලෙස මියගිය තරුණයාගේ බිරිඳ සහ සිඟිති දියණියන් දෙදෙනාට මේ වන විට කිසිදු පිහිටක් නොමැති තත්ත්වයක් උදාවී ඇත.

 

සුනිල් සිය දරු පවුල සමඟ ඔහුගේ මව්පියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක කුලී වැඩ කරමින් ජීවත්විය.

 

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අඟහරුවාදා රාත්‍රියේ තම සැමියාට පොලු‍වලින් පහරදුන් බව සුනිල්ගේ බිරිඳ පවසයි.

 

“බත් බෙදලා විනාඩි 5ක් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා. මහත්තයා දුවගෙන ආවා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පන්නනවා.

මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා. මම යද්දි නංගිගේ මහත්තයායි තාත්තයි දෙන්නම ගහනවා පොලු‍ දෙකකින්. මම වැන්දා ඒ අයියගේ කකුල් දෙක අල්ලගෙන මගේ මහත්තයාට ගහන්න එපා කියලා.

මාව පයින් තල්ලු‍ කරලා කිව්වා මට කරන්න දෙයක් නෑ මගේ ගෙදරට ඇවිල්ලා මට ඉන්න දෙන්නේ නෑ ඒකයි ගහන්නේ කියලා ගැහුවා.

බේරන්න බැරිම තැන මම ලොකු බබාව අරන් එතනට ගියා. මෙයා කෑ ගහලා ඇඬුවා සීයේ,“සීය ද අපේ තාත්තට ගහන්නේ“ කියලා.

තාත්තා පොල්ල අරගත්තේ මටයි දරුවටයි. නංගි මාව ඇදගෙන ඇවිල්ලා ගෙදර දාලා දොර වැහුවා.

උඩහ අක්කා කෙනෙක් ඇවිල්ලා දොර අරිනකොට මගේ මහත්තයාට හොඳටම ගහලා ඉවරයි. මහත්තයා අන්තිමට ඉල්ලු‍වේ වතුර. “ 

 

ඇය විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමෙන් පසු හසලක පොලීසිය පැමිණ සුනිල් හසලක රෝහලට ඇතුළත් කර තිබුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සුනිල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළත් ඔහු මෙලොව හැරදා ගොස් තිබුණි.

 


“මට කවුරුත් නෑ. මගේ සහෝදරයා මගේ යාළුවා මගේ මහත්තයා තමයි. මගේ අම්මා තාත්තත් මගේ මහත්තයා.

බබා හම්බවෙලා ඉන්න කොට ඔක්කෝම කරේ මගේ මහත්තයා. අද මට කවුරුත් නෑ. මමයි මගේ දරුවෝ දෙන්නයි විතරයි අසරණ වුණේ.“ 

යැයි මියගිය සුනිල්ගේ බිරිඳ හැඬූ කඳුලින් පැවසුවාය.

 

මව්පියන් විසින් සිය පුතු මරාදැමීමෙන් පසු සුනිල්ගේ දේහය තැන්පත් කිරීමටද සිදුව ඇත්තේ ගම්මානයේ පිහිටි ප්‍රජා ශාලාව තුළයි.

 

සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසින් ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවිය.

views

13716 Views

Comments

arrow-up