දුම්රියේ ගැටී අවසන් ගමන් ගිය හෙද නිලධාරිනිය

කරාපිටිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරමින් හෙද නිලධාරිනියක ගාල්ල -මාතර දුම්රිය මාර්ගයේ අහංගම, දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇගේ සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අද(04) පෙරවරුවේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් යතුරුපැදිය පැදවූ මියගිය හෙද නිලධාරිනියගේ සැමියාට කිසිදු අනතුරක් වී නොමැති බවයි වාර්තාවන්නේ.
2376 Views
Comments