අලුත් කැළණි පාලමේ ලස්සනට ලයිට් දාන්න - ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

සැප්තැම්බර් මාසය වන විට වැඩ අවසන් කිරීමට නියමිත නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය වන ආකාරයට විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘතිය අධ්‍යක්ෂිකාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.
මීට අමතරව ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට අලුතෙන් ඉදිකරන කැලණි පාලම දක්වා වූ මාර්ග කොටසද පුළුල් කිරීමට ද ඇමැතිවරයා උපදෙස් දී තිබුණි.
මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය නගරයේ සුන්දරත්වයට හේතු වන බැවින් සංචාරක ප්‍රවර්ධනය ද අරමුණු කරගෙන සංකල්ප සහ සැලසුම් නිර්මාණය කළ යුතු බව අමාත්‍යවරයා ගේ අදහස විය.
1296 Views
Comments