සෞඛ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කළ අයෙක් අත්අඩංගුවට

මහියන්ගනය ගැමුණුපුර ප්‍රදේශයේ රාජකාරියෙහි යෙදුනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුට ගෙන තිබේ.
ඒ් සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාව යටතේය.
මහියංගණ ප්‍රදේශයෙන් භික්ෂුවකට කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව උන්වහන්සේගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු සඳහා මෙම පුද්ගලයා බාධා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා මහියංගනය අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුව ඔහුව ජුලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී තිබුණි.
882 Views
Comments