නිරෝධායන නීති කැඩූ ලිඳුල - තලවකැලේ නගරාධිපති අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

නිරෝධායන නීති කැඩූ ලිඳුල - තලවකැලේ නගරාධිපති අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ ලිඳුල - තලවකැලේ නගරාධිපති අත්අඩංගුවට

ලිඳුල තලවකැලේ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උත්සවයක් පැවැත්වූ ලිඳුල නගරසභාවේ නගරාධිපතිවරයා ඇතුළු 07දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එමෙන්ම ගිරිබාව ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකරමින් සමූහයක් ලෙස රක්ෂිතයක් හෙළි කරමින් සිටි සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 844ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති සමස්ත පිරිස 41,518ක් වන බවයි.

views

854 Views

Comments

arrow-up