අසාත් සාලි ගැන විමර්ශන අවසන් බව නීතිපති දැනුම්දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවක දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව කළ විමර්ශන අවසන් වී ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
නීතිපතිවරයාමේ බව දැනුම් දුන්නේ තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අසාත් සාලි මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා වෙතට යොමුකර ඇති උධෘත පරීක්ෂාකර චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව පිළිබඳව තීරණය කරන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.
කෙසේ නමුත් මාවනැල්ලේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනා පිළිබඳව තවමත් විමර්ශන සිදුවෙමින් පවතී.
934 Views
Comments