කොවිඩ් රෝගීන් 82 ක් දැඩි සත්කාර ඒකක වල - තවත් ඇත්තේ ඇඳන් 3287 ක් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

කොවිඩ් රෝගීන් 82 ක් දැඩි සත්කාර ඒකක වල - තවත් ඇත්තේ ඇඳන් 3287 ක් පමණයි

කොවිඩ් රෝගීන් 82 ක් දැඩි සත්කාර ඒකක වල - තවත් ඇත්තේ ඇඳන් 3287 ක් පමණයි

මේ වන විට මෙරට රෝහල්වල Covid 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 82 ක් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

 

ප්‍රතිකාර මධ්‍යස්ථාන 191ක් තුළ රෝගීන් සඳහා ඇඳන් 29530 ක් මේ වනවිට ඇති අතර ඉන් 26 530 ක් රෝගීන්ගෙන් පිරී තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන් සඳහා තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 3287 පමණයි.

 

මේ වන විට සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 2800 දෙනෙකු පමණ වාර්තා වන අතර අද (07) දිනයේ දී මේ වන විට රෝගීන් 1600 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඉදිරියේදී තවත් ඇඳන් 9000 ක් පමණ මෙම පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බැවින් ඇඳන් හිඟයක් පිළිබඳ අනවශ්‍ය ගැටලුවක් ඇති කර නොගත යුතු බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

 

මේ අතර මෙරට එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මේ වන විට පුද්ගලයන් 353 302 ට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි.

 

තවත් පුද්ගලයින් 957 959 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

මේ අතර රුසියාවෙන් ගෙන්වන ලද ස්පුටිනික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 64 986 දෙනෙකුට ලබාදී තිබෙනවා.

 

 

 

Source - Daily Mirror

views

1505 Views

Comments

arrow-up