දැරිවියක් රවටා ගෙන ගොස් අතරමග දමා ආ චීවරධාරියා සොයා පරීක්ෂණ

වයස අවුරුදු 15 පාසල් සිසුවියක සමග මුහුණු පොත හරහා පෙම් සබඳතාවක් ඇති කරගත් චීවරධාරියෙකු සංචරණ සීමාද නොතකා කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ සිට මහනුවර මාඋස්සාව ප්‍රදේශයට මහ රෑ යතුරු පැදියකින් පැමිණ එම තරුණිය නිවසින් රැගෙන ගොස් මහනුවර අම්පිටිය ප්‍රදේශයේ අතරමංකොට පලා ගොස් තිබෙනවා.
එම චීවරධාරියා සොයා ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ගල්ගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන වයස අවුරුදු 21 වන මෙම චීවරධාරියා තම මුහුණු පොත හරහා මෙම සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත.
සිසුවිය මෙම චීවරධාරියාට තමා හමුවීමට පැමිණෙන ලෙස දන්වා ඇති අතර චීවරධාරියා තම මිතුරෙකු සමග ගල්ගමුවේ සිට යතුරුපැදියක නැගී මහනුවර මාඋස්සාව ප්‍රදේශයට පසුගිය අටවන දින රාත්‍රි පැමිණ ඇයට නිවසින් එළියට පැමිණෙන ලෙස දන්වා තිබේ.
චීවරධාරියා අතර මගදී තම සිවුර ගලවා බෑගයක දමාගෙන වෙනත් ඇඳුමකින් ඇය හමුවීමට පැමිණි බව මෙම තරුණිය පොලිසියේදී පවසා ඇත. මොවුන් දෙදෙනා යතුරුපැදියේ මැද එම තරුණිය තබාගෙන අම්පිටිය ප්‍රදේශයට ගොස් ඇති අතර මහනුවර නගරයේ පොලිස් මාර්ග බාධක නිසා මොවුන් අම්පිටිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් තුළ තිදෙනාම රැය පහන් කොට ඇත.
පසුදා අලුයම ඔහු නැවතත් තම සිවුර හැඳගෙන අසල වූ නිවසකට ගොස් ඇය තම නැගණියයි පවසා නගරයට ගොස් එනතුරු ඇය බලා ගැනීමට එම නිවසේ කාන්තාවට භාරදී දෙදෙනා යතුරු පැදියෙන් පිටව ගොස් තිබේ.
දහවල් වනතුරුත් මොවුන් දෙදෙනා නොපැමිණි නිසා එම තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ පියාට දුරකතන ඇමතුමක් ලබාදී එම තරුණිය පියාට භාරදී ඇත. පියා විසින් තම දියණය නිවසට රැගෙන ගොස් ඇති අතර ගලහ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත.
පොලිසිය මගින් ඇයව මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර අදාළ චීවරධාරියාද අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා ඇත.
11897 Views
Comments