වාහන ගෙන්වීමේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ගැන ඉගියක්

ප්‍රවාහනය සඳහා හැකිතාක් විදුලියෙන් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රික් රථවාහන යොදාගත යුතු බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දේ.
වාහන ආනයනය නවතා තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා සමස්ත විදේශ විනිමය වලින් 1/3ක පමණ වියදමක් රජය විසින් දරනු ලැබේ
එම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ඉන්ධන මත පදනම්ව ඇති පරිභෝජන රටාව වෙනස් කිරීම සඳහා රජය විසින් ප්‍රවේශ රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිත බව මෙම නිවේදනයේ සඳහන්.
මෙම පියවර හරහා පුද්ගලික සහ පොදු ප්‍රවාහන සේවයේ ඉන්ධන භාවිතය 60% කින් පහත දැමීමට අපේක්ෂා කෙරේ.
මේ සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ප්‍රචලිත කිරීම මෙන්ම ත්‍රීරෝද රථ රියැදුරන්ට ඉලෙක්ට්‍රික් එන්ජින් ලබාදීම පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ.
මීට අමතරව කැලණිතිස්ස බලාගාරය ද ඉදිරියේදී LNG බලාගාරයක් බවට පත්කිරීමට යෝජනා වී තිබේ.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්
1119 Views
Comments