පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යට කළ ට්‍රැක්ටර් රියදුරා අත්අඩංගුවට

කැකිරාව, පරාවිල ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අනතුරට පත් කල ට්‍රැක්ටර් රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව පොලීසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු සඳහන් කළේ තමන් ඇතුලු නිලධාරීන් 03 දෙනෙකු යතුරුපැදි දෙකකින් අදාළ වැටලීම සඳහා ගිය අවස්ථාවේදී වැලි පැටවූ ට්‍රැක්ටරයක් තමන් ඉදිරියට පැමිණි බවත් එය නතර කරන ලෙස දැනුම් දුන්නත් එය ඔහු විසින් නොනවත්වා ධාවනය කල බවයි.
පසුව ඔහු පසුපස හඹාගොස් යතුරුපැදිය ඉස්සර කිරීමත් සමඟම ට්‍රැක්ටර් රියදුරු විසින් තමා සමඟ ගිය අනෙකුත් නිලධාරීන් දෙදෙනා යට කරමින් රථය ධාවනය කළ බවත් අදාළ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරට ලක්වූ එක් පොලිස් නිලධාරියෙක් බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා කැකිරාව මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව ට්‍රැක්ටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
842 Views
Comments