දින දෙකක් පාසල් නාවැයි කියා ගුරුවරයා තඩි පොල්ලකින් සිසුවාට පහරදීලා - සිසුවාට බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

දින දෙකක් පාසල් නාවැයි කියා ගුරුවරයා තඩි පොල්ලකින් සිසුවාට පහරදීලා - සිසුවාට බරපතලයි

දින දෙකක් පාසල් නාවැයි කියා ගුරුවරයා තඩි පොල්ලකින් සිසුවාට පහරදීලා - සිසුවාට බරපතලයි

දින දෙකක් පාසලට නොපැණීම හේතුවෙන් ගුරුවරයෙකු විසින් තඩි පොල්ලකින් කිළිනොච්චියේ පාසල් සිසුවෙකුට පහරදීම නිසා එම සිසුවා බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත.

 

එස්. සෙල්වදන් නැමැති දහතුන් හවිරිදි පාසල් සිසුවාගේ පාපැදිය ඊට පෙර දිනයකදී පාසලේදී කවරෙකු විසින් හෝ සොරා ගෙන ඇති නිසා ඔහු දින දෙකක් පාසලට පැමිණ නැත.

 

මේ පිළිබඳ විමසමින් ගුරුවරයා විසින් සිසුවාට අමානුෂික ලෙස පහරදීම නිසා සිසුවා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් කිළිනොච්චිය පොලිසියට, මානව හිමිකම් කාර්යාලයට සහ කිළිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාට සාධාරණයක් ඉටුකරදීමට කිළිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඉදිරිපත් වී සිටී.

 

ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ එම පාසල ඉදිරිපිටදී විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු සූදානම් කොට ඇත.

views

672 Views

Comments

arrow-up