අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9 අවසන් ඉලක්කම් වලට පමණි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9 අවසන් ඉලක්කම් වලට පමණි

අද ඉන්ධන නිකුත් කරන්නේ 6, 7, 8, 9 අවසන් ඉලක්කම් වලට පමණි

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (29) දින ද දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසකදී ක්‍රියාත්මකවේ.

 

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය CEYPETCO පිරවුම්හල්වල මෙන්ම ලංකා IOC පිරවුම්හල්වල ද ක්‍රියාත්මකයි.

 

එය භාවිතයට ගැටලු ඇති පිරවුම්හල් සඳහා අගෝස්තු 01 වන දා දක්වා පමණක් වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.

 

ඒ අනුව අද (29) දිනයේ වාහන ලියාපදිංචි අංකයේ අවසාන  ඉලක්කම 6, 7, 8, 9 යන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

 

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා ඊයේ (28) දිනය වන විට පුද්ගලයන් 4,479,376ක් ලියාපදිංචි වී ඇත.

views

313 Views

Comments

arrow-up