නව අගමැති දිනේෂ් ගුණවර්ධන

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (22) දිවුරුම් දී තිබේ.
“බොරලුගොඩ සිංහයා” යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයා වන දිනේෂ් ගුණවර්ධන මහතා 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි එතුමා එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ රජයන් යටතේ අමාත්‍යධුර රැසක් දරා තිබේ.
එසේම ඒ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය හා පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද දරා තිබේ.
273 Views
Comments