විදුලි ගාස්තු සංශෝධනය ගැන කොමිසමට මහජන යෝජනා 100 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

විදුලි ගාස්තු සංශෝධනය ගැන කොමිසමට මහජන යෝජනා 100 ක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන කොමිසමට මහජන යෝජනා 100 ක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මහජන අදහස් හා යෝජනා සීයකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන බව එම කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

 

මෙම යෝජනා සියල්ලක්ම ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ එම කොමිසමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම මේ මස 18 වනදා දක්වා සිදුකරන බවයි කොමිෂම තවදුරටත් සඳහන් කර සිටියේ.

 

ඉන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

views

225 Views

Comments

arrow-up