වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වේ

වැලිගම ඓතිහාසික සුව සහනයේ සමිඳුන්ගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙම මස 9 සහ 10 යන දිනවල පැවැත්වීමට නියමිත බව සිද්ධස්තාන පරිපාලක චාල්ස් හේවාවසම් පියතුමා පවසා සිටිනවා.
ගෙවී ගිය වසර කීපය තුළ දී විවිධ හේතුන් මත මෙම උත්සවය බැතිමතුන් ගෙන් තොරව සිදු කල අතර මෙවර එය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව නව වැනි දා පස්වරු 5.30ට සන්ධ්‍යා මෙහෙය ලසන්ත ෆොන්සේකා පියතුමාගේ ප්‍රධානත්වයෙන් ද 10 වන ඉරිදා පෙරවරු 8:30 ට මංගල්‍ය මහා දෙවි පූජාව ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ද සිදු කිරීමට නියමිතයි.
280 Views
Comments