JUL
08
කුමන රක්ෂිතයට ඇතුළු වී මුවන් හා ගෝනුන් ඝාතනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

කුමන රක්ෂිතයට ඇතුළු වී නීති විරෝධී ව මුවන් හා ගෝනුන් ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන් ඊයේ(07) සමත්වී තිබෙනවා.
පොතුවිල් පොලිස් වසමේ පසරච්චේන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සතුව තිබී මුව මස් කිලෝ ග්‍රෑම් 3.8ක් සහ ගෝන මස් කිලෝග්‍රෑම් එකක් හමුවී තිබෙනවා.
අදාල පුද්ගලයා පසරච්චේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.
331 Views
Comments