ශිෂ්‍යාවන් 6කට ලිංගික අතවර කළ මුලතිව් ගුරුවරයකු අත්අඩංගුවට ගන්නැ යි විරෝධතාවක්

ශිෂ්‍යාවන් 6 දෙනෙකුට ලිංගික අතවර කල මුලතිව් පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවයක් මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී සංවිධානය කර තිබෙනවා.
මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ශිෂ්‍යාවන් 6 දෙනාම රෝහල් ගත කොට ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා විසින් පසුගිය තිස් වැනිදා නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ දවසේ අදාළ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු මෙම ශිෂ්‍යයාවන් ලිංගික කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඔවුන්ට ප්‍රේම සබඳතා ගොඩනඟා ගැනීමට අනුබල හා උදව් උපකාර කරමින්.
267 Views
Comments