ඉන්ධන මිලේ වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිල යළිත් වැඩිවිය හැකි බව පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම පුවත්පත් වල ද වාර්තා වී තිබුණා.

 

තවද මෙම ඉන්ධන මිල වැඩිවීම මිල සූත්‍රයකට අනුව සිදුවන බව ද එම පුවත්පත්වල වාර්තා වී තිබුණා.

 

ඒ අනුව 92 සහ 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක මිල 70ත් 80ත් අතර මිලකින් සහ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50 ත් 70 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවයි එම පුවත්පත් වාර්තාවල තවදුරටත් සඳහන් වන්නේ.

 

අවසන් වරට කළ මිල ඉහළ දැමීමට අනුව මේ වන විට 92 වර්ගයේ ඉඳන් ලීටරයක මිල රුපියල් 420 වන අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450 ක් ද ඩීසල් ලීටරයක මිල රුපියල් 400 සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 445 ලෙස දැක්වෙනවා.

 

 

views

315 Views

Comments

arrow-up