JUN
17
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හිටපු සභාපතිට තහනමක්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස්ට ආසියානු රග්බි සම්මේලනයෙන් තහනමක් පනවා තිබෙනවා.
ඒ ආසියානු රග්බි ක්‍රීඩා සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
පසුගිය දිනක ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයාට තර්ජනය කිරීම හා ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයාට අපහාස වන අන්දමින් කටයුතු කිරීම මීට ඇතුළත්.
ඒ අනුව ආසියානු රග්බි බල ප්‍රදේශය තුල සිදු කෙරෙන රග්බි ක්‍රීඩාව සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකට සහභාගී වීම හෝ වගකීම් දැරීම ඔහුට නොහැකි වෙනවා.
206 Views
Comments