JUL
01
බලපිටිය මුදිතාලංකාර හිමියන්ට පහර දීමක්

බලපිටිය පාතේගම ශ්‍රී බෞද්ධ මන්දිරයේ වරායායේ මුදිතාලංකාර හිමියන්ට නාදුනන පුද්ගලයෙකු විසින් බරපතළ පහරදීමක් සිදුකර තිබෙනවා.
හිසට බරපතළ පහරක් එල්ල වී තිබූ හිමිනම කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අහුන්ගල්ල පොලිසිය පවසා සිටියේ.
විහාරයේ වහලයෙන් ඇතුළු වී අදාළ සැකකරු විසින් නිදා සිටින විට මුදිතාලංකාර හිමිගේ හිසට පහරදී ඇති අතර අවස්ථා කිහිපයකදීම ජීවිත තර්ජන ඇති බවට මීට පෙර පහරකෑමට ලක්ව ඇති හිමිනම පොලිසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් හිමිනම කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර උන් වහන්සේගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
268 Views
Comments