JUL
29
ජනාධිපති නිල කොඩිය සොරා ගත් තැනැත්තා අත්අඩංගුවට

පසුගිය ජූලි 09 වන දා පැවති මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය සොරාගෙන ඇඳ ඇතිරිල්ලක් සේ භාවිතා පුද්ගලයා අත්අඩංගුවටට ගෙන තිබේ.
ඒ අදාළ පුද්ගලයා අද (29) උදෑසන කොළඹ වේල්ල වීදිය පොලිස් ස්ථානය වෙත පැමිණ බාර වීමෙන් අනතුරුවයි.
පොලිසිය පවසන්නේ ජූලි 09 වන දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර මහජනතාව ජනාධිපති කාර්යාලය කඩා වැදීමෙන් පසු එම පුද්ගලයා කොඩිය සොරකම කර ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
283 Views
Comments