ඩයස්පෝරා ඩොලර් ඕන නම් රටේ බෙදීමක් ඕන - ටී.එන්.ඒ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
27

ඩයස්පෝරා ඩොලර් ඕන නම් රටේ බෙදීමක් ඕන - ටී.එන්.ඒ

ඩයස්පෝරා ඩොලර් ඕන නම් රටේ බෙදීමක් ඕන - ටී.එන්.ඒ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පසුගිය (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

 

විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.

 

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ කරුණු හතරක් සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වූ බවයි.

 

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹීම සහ දෙමළ ඩයස්පෝරාවේ යෝජනා මෙරටට ගෙන්වාගැනීම සඳහා උතුරු නැගෙනහිර වෙත විශේෂ සංවර්ධන අරමුදලක් ඇති කිරීම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමටයි එකඟ වී ඇත්තේ.

 

මෙහිදී දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට නම් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබිය යුතු බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.

 

නමුත් එසේ ඩයස්පෝරා මුදල් ආයෝජන අවශ්‍ය නම් බල‍ය බෙදීම, නව ව්‍යවස්ථාව වැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණීමට සිදුවෙනු ඇති බව එහිදී ඔහු පවසා සිටියා.

views

617 Views

Comments

arrow-up