රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරයි

රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරයි

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. 

 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවය.

 

කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට අද (මාර්තු 20) දින ‍පෙරවරුවේ යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලට අතුළත් කර ඇති බව චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

views

788 Views

Comments

arrow-up