34 හැවිරිදි ගුරුවරිය 16 පාසල් සිසුවා රැගෙන 60 පාරක් හෝටල් කාමරවලට ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

34 හැවිරිදි ගුරුවරිය 16 පාසල් සිසුවා රැගෙන 60 පාරක් හෝටල් කාමරවලට ගිහින්

34 හැවිරිදි ගුරුවරිය 16 පාසල් සිසුවා රැගෙන 60 පාරක් හෝටල් කාමරවලට ගිහින්

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් විසින් එම පාසලේ පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත දැනුම්දී තිබේ.

 

වසර 04ක් තිස්සේ මෙලෙස පාසල් සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ 34 හැවිරිදි ගුරුවරියකටය.

 

අපයෝජනයට ලක්වූ බව කියන එම සිසුවා මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවන අතර වාර්ෂික ක්‍රිකට් තරඟයකදී එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය දැන හඳුනාගෙන තිබේ.


 
අනතුරුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

 

ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී සිසුවාව ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජනය කර ඇතැයි අනාවරණය වී තිබේ.



එම ගුරුවරිය සහ සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.

 

එහිදී ගුරුවරිය තම හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ කාමර වෙන්කිරීම් සිදුකර ඇති බවත් වාර්තාවේ.

 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර ඇත.

views

62789 Views

Comments

arrow-up