කිරි තේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

කිරිපිටි මිල යළි ඉහළ යෑමත් සමඟ කිරි තේ කෝප්පයක රුපියල් 100 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම මිල ගණන් වසරක කාලසීමාවක් නොවෙනස්ව පවත්වාගැනීමට තීරණය කර ඇති බවයි.
ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාමත්, රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදයත් හේතුවෙන් ආනයනික කිරිපිටි වැඩිවන මිල සීමාවන් එම ආනයනකරුවන් විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් ඉහළ යන අතර, එහි නව මිල වන්නේ රුපියල් 790 ක්.
එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 600 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1945 ක් ලෙසයි.
මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ කිරිපිටි ආනයනය කිරීම සීමාසහිත වීම හේතුවෙන් ආනයනික කිරිපිටි සමාගම් ඒවා පවත්වාගෙන යාමේ අවදානමකට මුහුණ දී සිටිනවා.
එසේම මිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව කිරිපිටි පරිභෝජනයෙන් ඉවත් වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ගෙන් කිරිපිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් විමසීමක් කළා.
1027 Views
Comments