ලොරි දෙකක් හැපී පහක් රෝහලට

මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේ දී ඊයේ(17) සවස එළවළු ප්‍රවාහනය කරමින් තිබු ශීතාගාර සහිත ලොරි රථයක් සහ කුකුළු පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් පස්දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ විදේශ රටවලට එළවළු අපනයනය කරන ව්‍යාපාරයකට අයත් ශිතාගාර සහිත ලොරියක් හා බිංගිරියේ සිට නොරෝච්චෝල ප්‍රදේශයට කුකුළු පොහොර රැගෙන යමින් තිබු ලොරි රථ දෙකකි.
මෙම අනතුරින් ලොරි රථ රියදුරුන් හා සහයකයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මුන්දලම පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පවසයි.
767 Views
Comments