වෙනිවැල්ගැට සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කලවාන, වැද්දාගල ප්‍රදේශයේදී වෙනිවැල්ගැට කිලෝ ග්‍රෑම් 450ක් හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක් සමඟ සැකකරුවන් තිදෙනකු කලවාන අඩවිවන කාර්යාලය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අඩවිවන කාර්යාලයට ලද තොරතුක් අනුව වෙනිවැල්ගැට වනයෙන් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ප්‍රදේශයේ නිවසක වෙනිවැල්ගැට කැබලි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්යාලය පැවසුවේය.
මෙම වෙනිවැල්ගැට සිංහරාජ වනාන්තරය අවට පරිවාර වනාන්තර වලින් එකතු කල ඒවා බවත් සැකකරුවන් හෙට(18) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කලවාන අඩවි වන කාර්යාලය පැවසුවේය.
752 Views
Comments