කොවිඩ් බිලිගත් කොවිඩ් නැසීමට වෙහෙසවූ වෛද්‍යවරයාණෝ

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන වෛද්‍යවරයා(MOH) ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මීට මාසකට පමණ පෙර සිට වෛරසය ආසාදනයවී කෑගල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා පෙරේදා (09) දින ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (10) මහනුවර, මහයියාව ආදාහනාගාරයේ දී සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.
දෙදරු පියෙකු වන වෛද්‍ය පද්ම ශාන්ත මහතා කෙරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම සඳහා බොහෝ වෙහෙසවී කැපවී සේවය කළ අයෙක්වේ.
846 Views
Comments