ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට පැන්න පුද්ගලයෙක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට පැන්න පුද්ගලයෙක් අල්ලයි

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට පැන්න පුද්ගලයෙක් අල්ලයි

දකුණු ඉන්දියාවේ ඊච්චමලේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට නීතිවිරෝධීව පැමිණ යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටි(26) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිසිය පවසයි.

 

සැකකරු පසුගිය 8 වැනි දින මන්නාරමට පැමිණ පසුව යාපනය ගුරු නගර් ඥාතියෙකුගේ නිවසේ සැඟව සිට ඇත.

 

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව යාපනය පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් එක්ව මොහුව අත්අඩංගුවට ගෙන නිරෝධායන සඳහා යොමුකර තිබේ.

 

සැකකරු 2008 වසරේ දී මෙරට සිට ඉන්දියාවට පලාගොස් ඇති බවද වාර්තාවේ.

 

නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව සැකකරුට එරෙහිව ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.

views

834 Views

Comments

arrow-up