අවුරැදු 14ක දියණිය ⁣දූෂණය කල සුළු පියාට ඇප දෙන්න අල්ලස් ගත් කොස්තාපල් වැසිකිලියෙදී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

අවුරැදු 14ක දියණිය ⁣දූෂණය කල සුළු පියාට ඇප දෙන්න අල්ලස් ගත් කොස්තාපල් වැසිකිලියෙදී අත්අඩංගුවට

අවුරැදු 14ක දියණිය ⁣දූෂණය කල සුළු පියාට ඇප දෙන්න අල්ලස් ගත් කොස්තාපල් වැසිකිලියෙදී අත්අඩංගුවට

අල්ලස් චෝදනා මත සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 14 ක දියණියක් අපයෝජනය කළ ඇගේ සුළු පියාට ඇප ලබාදීම සඳහා අධිකරණය ඉදිරියේ විරුද්ධ නොවී සිටීම සඳහා අල්ලස් මුදල් ලබා ගැනීමට යාමේ දී ය.

 

එලෙස විරුද්ධ නොවී සිටීම සඳහා පොලිස් කොස්තාපල්වරයා සුළු පියාගේ පාර්ශවයෙන් රුපියල් රු.75,000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ. පසුව එය රුපියල් 25,000ක් දක්වා අඩු කරගෙන ඇත.

 

තමාගේ නැගණිය දූෂණය කල නරුමයා මුදල් බලයෙන් නිදහස් වීමට සූදානම් වන බව දැනගත් ඇගේ සහෝදරයා මෙය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකාර පොලිස් නිලධාරීවරයා අධිකරණ පරිශ්රයේ වැසිකිළියක් තුළදී අල්ලස් මුදල් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

1051 Views

Comments

arrow-up