පොලිස් ස්ථානයක කොරෝනා පොකුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

පොලිස් ස්ථානයක කොරෝනා පොකුරක්

පොලිස් ස්ථානයක කොරෝනා පොකුරක්

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් දාහත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

වැල්ලවාය පොලිසියේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගත් බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේය.

 

කාන්තා නිලධාරීනියන් හතර දෙනෙක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඊයේ(27) වැල්ලවාය මූලික රෝහලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත.

 

එහිදී එම නිලධාරිනියන්ට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී තිබේ.

 

ඒ හේතුවෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අද(28) දින යොමුකර තිබුණි.

 

එම පරික්‍ෂණ වලින් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විසි දෙනෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

 

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දහතුන්දෙනා සමඟ වැල්ලවාය පොලිස් ස්ථානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ ගොස් තිබේ.

views

795 Views

Comments

arrow-up