කොල්ල කෑ දුරකතනයේ තරුණියන් අටකගේ නිරුවත් ඡායා - කොල්ලකරුවන් හා පැමිණිලිකරු දෙකම රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

කොල්ල කෑ දුරකතනයේ තරුණියන් අටකගේ නිරුවත් ඡායා - කොල්ලකරුවන් හා පැමිණිලිකරු දෙකම රිමාන්ඩ්

කොල්ල කෑ දුරකතනයේ තරුණියන් අටකගේ නිරුවත් ඡායා - කොල්ලකරුවන් හා පැමිණිලිකරු දෙකම රිමාන්ඩ්

දෙහිවල ප්‍රදේශයේ තරුණයෙක් තම ජංගම දුරකතනය තරුණයන් දෙදෙනෙක් විසින් කොල්ල කෑ බවට සිදුකල පැමිණිල්ලක් අනුව එම සැකකරුවන් දෙදෙනා සමඟ පොලිස්භාරයට ගත් ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසභ්‍ය විඩියෝ දර්ශන අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත් අඩංගුවටගත් බව වත්තල පොලිසිය පවසයි.

 

නිරුවත් ඡායාරුප සහ අසභ්‍ය විඩියෝ දර්ශන සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දුරකථනයේ අයිතිකරු වන දෙහිවෙල පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර දුරකථනය සොරකම් කරේ යැයි චෝදනා ලැබුවේ වත්තල ප්‍රදේශයේ 25 සහ 30 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

 

තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනය මිළදි ගැනිමට අවශ්‍ය බව පවසා  පැමිණිලිකරු දෙහිවල සිට වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනාකමකින් යුත්  දුරකතනය පැහර ගත්බව වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණි.

 

සිදුකරණ ලද පරික්ෂණ කටයුතුවලින් පසු සැකකරුවන් දෙදෙනෙකු සමඟ අදාල ජංගම දුරකතනයද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

ඡංගම දුරකථනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකුගේ පෙමිවතියගේ නිරුවත් ඡායාරුපයයක් එම ජංගම දුරකතයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරික්ෂා කිරීමේදී තවත් ශ්‍රි ලාංකික තරුණියන් අට දෙනකුගේ සහ තවත් අසභ්‍ය දර්ශන ඇතුලත් විඩියෝපට සොයා ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.

views

933 Views

Comments

arrow-up