පොලිසිය තුළ නීතිඥවරයෙකුට බැණ වැදුණු සැකකරුට ඇප

කොච්චිකඩේ පොලිසියේ සිටිනා තම සේවාදායකයා හමුවීමට එහි ගිය නීතිඥවරයෙකුට බැණ තර්ජනය කිරීම හා බලපෑම් කිරීම යන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවෙකු රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මිය ඉකුත් 9 වනදා නියෝග කළාය.
කොච්චිකඩේ පලඟතුරේ පදිංචි සැකකරුවෙකුට මෙලස ඇප නියමවිය.
නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් ස්ථානය තුළදී මැරයෙකු ලෙස හැසුරුණු ආකාරය පිළිබඳව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් රැසක් කරුණු ඉදිරිපත් කරනු ලැබූහ.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝස් ප‍්‍රනාන්දු මෙනවිය කරුණු දක්වමින් එකම ගම්මානයේ දෙපිරිසක් අතර වූ ගැටුමක් මෙම සිදුවීමට පසුබිම්වී ඇති බවත් සැකකරු ඉදිරියේදී පීඩාවක් ඇති නොවන ලෙස කටයුතු කරන බවත් පැවැසුවාය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්‍ෂ 2ක බැගින් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය නඩුව වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 23 වැනිදාට කල්තබන ලදී.
මෙහි පැමිණිල්ල කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙහෙයවිය.
765 Views
Comments