පෞද්ගලික අංශයේ පී සී.ආර් සහ ඇන්ටිජන් සඳහා උපරිම මිලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

පෞද්ගලික අංශයේ පී සී.ආර් සහ ඇන්ටිජන් සඳහා උපරිම මිලක්

පෞද්ගලික අංශයේ පී සී.ආර් සහ ඇන්ටිජන් සඳහා උපරිම මිලක්

කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500ක් ලෙසද, රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවක උපරිම මිල රුපියල් 2,000ක් ලෙසද, පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

 

මෙම උපරිම මිල ගණන් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත. 

 

පෞද්ගලික රෝහල් මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා රුපියල් 8000 සහ ඇන්ටිජන් පරීක්‍ෂාවකට රුපියල් 2500 සිට 3000 දක්වා මුදලක් අය කරනු ලබයි.

 

මෙම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණි මත පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ මැදිහත් වීමෙන් මෙම උපරිම මිල නියම කර තිබේ.

views

909 Views

Comments

arrow-up