කිරිඅම්මා දානයෙන් කොවිඩ් පොකුරක්

හල්දුම්මුල්ල දඩයම්පොල කිරිඅම්මා දානමය පිංකමකට සහභාගිවූ 14 දෙනකු කෝවිඩ් 19 ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පැවසුවේය.
එම පිංකමට සහභාගිවූ මව්වරු දෙදෙනෙකුට මුලින් ආසාදිතවීමත් සමඟ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙම කිරිඅම්මා දානය පැවැත්වූ නිවසේම දෙදෙනක් ඇතුළු එම ගම්මානයේ තව 12 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ තත්ත්වය මත එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනකුගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා වැඩිදුරටත් පැවසුවේය.
910 Views
Comments