AUG
08
සමීපතමයෙකු ආසාදිතයෙක් වුවහොත් කළ යුතු දේ දැනුම් දේ

තමාට සමීපතම අයෙකු covid ආසාදිතයකු බව හදුනා ගැනුණහොත් වහාම දින 3 - 5 අතර කාලයක් තුළ covid පරීක්ෂණයක් කරගන්නා ලෙසට ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ වෙත ඇතුළත් කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මීට පෙර covid පරීක්ෂණයකට ලක් විය යුතු කාලසීමාව දින 5 - 7ත් අතර වූ නමුත් වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන එසේ සමිපතමයෙකු ආසාදනය වුවහොත් දින 3 - 5ත් අතර පරීක්ෂණයක් සිදුකල යුතු බවයි.
647 Views
Comments