මළගෙදර කාඩ් සෙල්ලම තවත් මරණයකට වල කපයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

මළගෙදර කාඩ් සෙල්ලම තවත් මරණයකට වල කපයි

මළගෙදර කාඩ් සෙල්ලම තවත් මරණයකට වල කපයි

බංගදෙණිය කුමාරකට්ටුව ප්‍රදේශයේ වතු යායක මරණ ගෙදරක දදෙනකු අතර ඇතිවු ආරාවුලකදී ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද(01) අළුයම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හලාවත පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ කුමාරකට්ටුව පළුගස්වැව වතුයායේ ලයින් තුනේ පදිංචිව සිටි අජිත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

 

මල ගෙදර පාළු මැකිමට පැමිණ සිටියදි පිරිසක් කාඩ් ක්‍රිඩාවේ යෙදි සිට ඇති අතර එම ක්‍රිඩාවේ යෙදි සිටි දෙදෙනකු අතර අරාවුලක් හටගෙන එය දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

 

පොලිසිය විසින් ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

views

1308 Views

Comments

arrow-up