ප්‍රතිකාර නිමකල කළ රංජන් රෝහලේ සිට යළි බන්ධනාගාරයට

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහල වෙත බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රැගෙන ආවේය.
ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ලැබූ අතර එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක මහතා ආපසු අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
රංජන් රාමනායක මහතාව දැක බලා ගැනීම සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද රෝහල් භූමියට පැමිණ සිටියේය.
එම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දැක්වූ දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ මරණීය දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා මෙන් රංජන් රාමනායක මහතාටද ජනාධිපති සමාව දිය යුතු බවයි.
870 Views
Comments